චීනය එක්සත් වෙළඳපොල සංවර්ධනය කඩිනම් කිරීමට සූදානම් වෙයි
2024-03-05 12:27:11
Share with:

මෙම වසරේ, රටේ එක්සත් වෙළඳපොල සංවර්ධනය කඩිනම් කිරීමට සූදානම් බව 2024 වසරේ චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. ඒ සඳහා බුද්ධිමය දේපල අයිති සුරැකීම, වෙළඳපොලට ප්‍රවේශවීම, සාධාරණ තරගකාරීත්වය, සමාජ විශ්වසනීයත්වය පිළිබඳ රෙගුලාසී එක්සත් කිරීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනේ.

මේ අතර ඉහල ප්‍රමිතියේ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නියමයන් සමග සම්බන්ධවීම ශක්තිමත් කරමින් ආයතනික විවෘතභාවය ස්ථිර ලෙස පුළුල් කෙරේ.  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය තවදුරටත් ඉදිරියට මෙහෙයවමින් වඩාත් වැඩි රටවල් හා කලාප සමග ඉහල මට්ටමේ නිදහස් වෙළෙඳ ගිවිසුම් හා ආයෝජන ගිවිසුම්වලට පැමිණීමට අපේක්ෂා කරන බව ද එම වාර්තාවේ සඳහන් වේ. 

2024 වසරේ රැකියා ස්ථාවර කිරීමට සහ ආදායම වැඩි කිරීමට බහුවිධ පියවර ගනු ඇති බව රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙයි. රැකියා ස්ථායීකරණයට සහාය වීම සඳහා බදු, මූල්‍ය සහ වෙනත් ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතුය. එමෙන්ම තරුණ රැකියා ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ශක්තිමත් කළ යුතු අතර, ගැමි කම්කරුවන්ට වැටුප් ගෙවීම ද සහතික කළ යුතු ය.

සමාජ ආරක්ෂණය සහ සේවා ශක්තිමත් කළ යුතු බව එම වාර්තාව යෝජනා කරයි. එසේම, ජනගහනය වයස්ගත වීමට සක්‍රීයව ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද ඉන් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම