විදේශීය සංචාරකයන්ට ආරක්ෂිත හා සුවපහසු සංචාරක පරිසරයක් සැපයීමට චීනය සූදානම්
2024-03-05 15:25:34
Share with:

චීනයේ වීසා පිළිබඳ සහනශීලී ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීමත් සමග, චීනයට පැමිණෙන විදේශ සංචාරයකයින්ගේ කැපී පෙනෙන වර්ධනය පෙන්නුම් කෙරේ.

චීනයට පැමිණෙන විදේශීය සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා අතර, ඔවුන්ට අවශ්‍ය ආරක්ෂිත හා සුවපහසු සංචාරක පරිසරයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(4) පැවසුවාය.

මේ වනවිට සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන්, චීන විදේශ අමාත්‍යංශය සහනශීලී වීසා ප්‍රතිපත්ති හයක් ක්‍රියාත්මක කරන බව ද ඇය සඳහන් කළාය. එනම්, වීසා අයදුම් පත්‍රය සරල කිරීම, වීසා ගාස්තු අඩු කිරීම, චීනයේ අධ්‍යාපනය ලැබීම සඳහා අනුමත කිරීමේ ක්‍රියා පටිපාටි සරල කිරීම, සමහර අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා නොගැනීම, වීසා අයදුම් කිරීමේ පූර්ව වෙන් කිරීම් ඉවත් කිරීම,  ප්‍රංශය හා ජර්මනිය ඇතුළු ඇතැම් රටවල සාමාන්‍ය ගමන්බලපත්‍ර හිමි පුද්ගලයින් සඳහා අත්හදා බැලීමක් වශයෙන් වීසා විරහිත සංචාරක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි.

එමෙන්ම විදේශිකයන්ට චීනය තුළ ජංගම ගෙවීම් කටයුතු සිදු කිරීමේ ප්‍රශ්නය විසඳීමට කාඩ්පත් භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, අනන්‍යතා සත්‍යාපන විධිවිධාන සරල කිරීම සහ එක් ජංගම ගෙවීමකදී එහි  වටිනාකමේ උපරිම සීමාව වැඩි කිරීම ඇතුළු පියවර ද චීන ගෙවීම් ආයතන මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම