චීනය “එක් රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය සහ සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත
2024-03-05 12:29:08
Share with:

චීනය අඛණ්ඩව “එක් රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය පුළුල්, නිවැරදි හා ස්ථීර ලෙස ක්‍රියාත්මක කරන බව චීන අගමැති ලී ච්‍යං මහතා අද (5) රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් අවධාරණය කළේය.

චීනයේ හොංකොං සහ මැකෞ හි දිගුකාලීන සමෘද්ධිය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට, එහි ආර්ථිකයන් හා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අඛණ්ඩව සහාය වනු ඇති බව ද එහිදී ඔහු සඳහන් කළේය. “තායිවාන බෙදුම්වාදීන්” සහ බාහිර මැදිහත්වීම්වලට දැඩි ලෙස විරුද්ධ වන අතර, රට යළි එක්සත් කිරීම දැඩි අධිෂ්ඨානයෙන් ප්‍රවර්ධනය කරන  බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

චීනය ස්වාධීන හා සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, සාමකාමී සංවර්ධනයට අනුගත ව ක්‍රියාකරන බවත් චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ  සඳහන් වෙයි. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා පොදු ජයග්‍රහණ සහිත විවෘත උපායමාර්ගයක් චීනය ස්ථිරව අනුගමනය කරනු ඇත. ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව එම රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම