ගාසා තීරයේ සටන් විරාම යෝජනාව ඇමරිකාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වීමක් පවත්වයි
2024-03-05 15:22:33
Share with:

පෙබරවාරි 20 වැනිදා, ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා කළ කෙටුම්පත් යෝජනාව ඇමරිකාව යළි සිය නිෂේධ බලයෙන් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ(04) රැස්වීමක් පැවැත්විණ. එම රැස්වීමේදී ඇමරිකාවේ මෙම ක්‍රියාව පිළිබඳ බොහෝ රටවල් සිය කලකිරීම ප්‍රකාශ කළ අතර ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ආරම්භ කරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

රෆා නගරයේ ඊශ්‍රායලයේ ඉදිරි ගොඩබිම් යුද මෙහෙයුම් පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩලයේ සභාපති Dennis Francis මහතා කියාසිටියේය. එහි අහිංසක වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස හෙතෙම ඉල්ලීමක් කර ඇත.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම