චීන කර්මාන්ත අංශයේ නවීකරණයක්
2024-03-05 10:36:40
Share with:

2024 වසරේ නවීකරණයෙන් යුතු කාර්මික පද්ධතිය ගොඩනැංවීම චීනය තවදුරටත් තහවුරු කෙරෙන ‍බවත් නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීම කඩිනමින් කෙරෙන බවත් රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ.

මේ අනුව, නිෂ්පාදන කර්මාන්තයට අයත් ප්‍රධාන කාර්මික දාමයන් අධිගුණත්මක ලෙස වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන අතර, නිෂ්පාදන කර්මාන්ත තාක්ෂණයන් ද යාවත් කාලීන කිරීමට අපේක්ෂා කෙරේ. නවීන නිෂ්පාදන සේවා සංවර්ධනය කිරීම ද වේගවත් කෙරෙනු ඇත. එසේ ම, සුහුරු තාක්ෂණය සහිත නව බලශක්ති මෝටර් රථ ඇතුළු කැපී පෙනෙන කර්මාන්ත පුළුල් කරමින් හයි‍ඩ්‍රජන් බලශක්තිය, නව ද්‍රව්‍ය ඇතුළු  ඉදිරි පෙළ කර්මාන්ත සංවර්ධනය තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව ද රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම