යුරේසියානු කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත සහ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ නිලධාරීන් අතර සාකච්ඡා
2024-03-05 20:06:42
Share with:

යුරේසියානු කටයුතු සඳහා චීන රජයේ විශේෂ නියෝජිත Li Hui මහතා සහ යුරෝපා සංගමයේ බාහිර ක්‍රියාකාරී සේවාවේ ආසියා-පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ජනරාල්, රුසියාව-නැගෙනහිර හවුල්කාරිත්වය-මධ්‍යම ආසියා කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් අතර සාකච්ඡාවක්  ඊයේ(4) Brussels නගරයේදී පැවැත්විණ.

යුක්රේන අර්බුදකාරී තත්ත්වය සහ සාම සාකච්ඡා ක්‍රියාවලිය පිළිබඳව ඔවුහු එහිදී අවංක සහ ගැඹුරු අදහස් හුවමාරු කර ගත්හ.

Li Hui මහතා එහිදී පෙන්වා දුන්නේ, රුසියාවට එරෙහි නවතම සම්බාධක ලැයිස්තුවට යුරෝපා සංගමය චීන සමාගම් ඇතුළත් කිරීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවයි. යුරෝපා සංගමය චීන සමාගම් එම ලැයිස්තුවට ඇතුළත් කිරීම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවටත්, යුරෝපා සංගමය චීනය සමඟ සංවාදයේ සහ උපදේශනයේ නිවැරදි මාවතට නැවත යා යුතු බවටත්, චීනය ඉල්ලීම් කරන බව, Li Hui මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම