විදුලි ගාස්තුව අඩු කෙරේ
2024-03-05 15:46:06
Share with:

විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකර ඇති බවයි. ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක කෙරේ.

එය සියයට 33.3ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇත. ඒකක 61ත් 90ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් ද ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.

ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත.

පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර තිබේ. රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල අඩුකර ඇති අතර වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් අඩුකිරීමට පියවර ගෙන ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම