මානව හිමිකම් සහතික කිරීමේ තම ක්‍රියාකලාපය චීනය ජගත් ප්‍රජාව හමුවේ විග්‍රහ කරයි
2024-03-05 09:14:28
Share with:

මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම පිළිබඳ චීනයේ ක්‍රියාකලාපය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  55 වැනි සැසියට එක්වෙමින් චීන නියෝජිත චෙන් ෂූ මහතා පහදා දෙයි.

 රටේ තත්ත්වයට ගැලපෙන මානව හිමිකම් සංවර්ධන ක්‍රමයක් ක්‍රියාත්මක කරන චීනය විවිධ ජනවාර්ගික පිරිස් හා විවිධ ජන කොට්ඨාසවලට සමානාත්මතාවයෙන් යුතුව මානව හිමිකම් භුක්ති විඳීමට ඇති අයිතිය සහතික කිරීමෙහි නියැලී සිටින බව  එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ සෙසු ජගත් සංවිධානවල චීන නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා ඊයේ (4) පැවති රැස්වීම අමතමින් විග්‍රහ කළේය. 

චීනයේ අංගසම්පූර්ණ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර, මානව හිමිකම් ව්‍යායාමය තිරසර ප්‍රගතීන් ලබා ඇත. විවිධ පාර්ශ්ව සමග එක්ව සුරක්ෂිතතාව ඔස්සේ මානව හිමිකම් සහතික කිරීම, සංවර්ධනය තුළින් ඒවා ප්‍රවර්ධනය කිරීම හා සහයෝගතාවෙන් යුතුව එම තත්ත්වය ඉදිරියට රැගෙන යමින් ජාත්‍යන්තර මානව හිමිකම් ව්‍යායාමයේ විධිමත් වර්ධනය තහවුරු කිරීමට චීනය සූදානම් බව ද චෙන් ෂූ මහතා ප්‍රකාශ කර ඇත. 

පසුගිය 26 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිය ලබන අප්‍රේල් 5 වැනිදා අවසන් වීමට නියමිත ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම