චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 14වැනි චීන ජාතික මහජන කොංග්රසයේ 2වැනි සැසිවාරය ඇරඹේ
2024-03-05 09:36:50
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය ඇරඹේ. එය අද(05) පෙරවරුවේ බෙයිජිං හිදී ඇරඹිණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෝ 2900ක පමණ පිරිසක් සමාරම්භක උත්සවයට එක් වූහ.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා එහිදී රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේ ය. වසර 2023නේ කොවිඩ් වසංගත පාලනයෙන් දැවැන්ත ජයග්‍රහණය දිනා ගෙන රටේ ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක පූර්ණ ලෙස සාක්ෂාත් ක‍ර ගෙන ඇති බවත් නවීකරණ සමාජවාදී රටක් ගොඩනගා ගැනීමට ස්ථිර පියවර තබමින් සිටින බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේ ය. 2024 වසරේ චීනය අඛණ්ඩව ක්‍රියාශීලි මූල්‍ය ප්‍රතිපත්ති සහ ස්ථාවර මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන බව රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වෙයි. ක්‍රියාශීලී මූල්‍ය ප්‍රතිපත්ති නිසි ලෙස ශක්තිමත් කළ යුතු අතර, එහි ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව ද එම වාර්තාව පෙන්වා දෙයි. උසස් තත්ත්වයේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් ප්‍රතිසංස්කරණය වඩාත් ගැඹුරට ක්‍රියාත්මක කළ බව  ලී ච්‍යං අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. 2024 වසරේ නවීකරණයෙන් යුතු කාර්මික පද්ධතිය ගොඩනැංවීම චීනය තවදුරටත් තහවුරු කරන ‍බවත් නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීම කඩිනමින් කෙරෙන බවත් රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. 2024 වසරේ දී චීනය දේශීය ඉල්ලුම පුළුල් කිරීමට අවධානය යොමු කරන අතර, සමස්ත පරිභෝජනය සහ ආයෝජන වඩා යහපත් ලෙස සැලසුම් කරන බව චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. එමගින් ආර්ථික වර්ධනය කෙරෙහි එල්ල කෙරෙන ගාමක බලය වැඩිදියුණු වනු ඇතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.

චීනය ස්වාධීන හා සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, සාමකාමී සංවර්ධනයට අනුගත ව ක්‍රියාකරන බවත් චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වෙයි. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා පොදු ජයග්‍රහණ සහිත විවෘත උපායමාර්ගයක් චීනය ස්ථිරව අනුගමනය කරනු ඇත. ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව එම රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දී තිබේ.

2වැනි සැසිවාරයේ දී රාජ්‍ය කාර්ය වාර්තාව සමාලෝචනය කෙරිණ. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය මෙම වසරට යෙදී  තිබෙන අතර ‘14වැනි පස්අවුරුදු සැලැස්ම’ ක්‍රියාවට නැංවීමේ තීරණත්මක වසරක් ලෙසට ද මෙම වසර සැලකේ. චීන මාදිලියේ නවීකරණය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් චීන රජය ක්‍රියාත්මක වන ආකාරය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අවධානය යොමු වී ඇත.

 


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම