2024 වසරේ චීනය දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධන ඉලක්කය සියයට 5ක්
2024-03-05 10:07:24
Share with:

2024 වසරේ චීනය දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ සියයට 5ක වර්ධනයක් අපේක්ෂා කරයි.

අද(5) 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට ඉදිරිපත් කෙරුණු රාජ්‍ය කාර්ය වාර්තාවේ ඒ බව දැක්වේ. 

නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12කට වඩා වැඩි සංඛ්‍යාවකින් වැඩි කිරීම, නාගරික ප්‍රදේශවල විරැකියා අනුපාතය සියයට 5.5ක පමණ මට්ටමකට පාලනය කිරීම, පුරවැසියන්ගේ ආදායම් වර්ධනය හා ආර්ථික වර්ධනය සමාන ම‍ට්ටමක පවත්වා ගෙන යාම,ජාත්‍යන්තර ආදායම් හා වියදම මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 650කට වැඩි ප්‍රමාණය සහ ජෛව පරිසර ගුණාත්මකභාවය අඛණ්ඩව යහපත් කිරීම මෙම වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක බව ලී ච්‍යං අග්‍රාමාත්‍යරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම