ජපානයේ ෆුකුෂිමා හි න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම පිළිබඳ ජාත්‍යන්තර අධීක්ෂණය ශක්තිමත් කිරීමට චීනයෙන් යෝජනා
2024-03-05 13:34:58
Share with:

ජපානයේ ෆුකුෂිමා විදුලි බලාගාරයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම පිළිබඳ ජාත්‍යන්තර අධීක්ෂණය ශක්තිමත් කිරීමට චීනය යෝජනා කරයි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ චීන නිත්‍ය නියෝජිත Li Song මහතා ඊ‍යේ (4) වියානා හි ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ආරම්භ වූ එම ආයතනයේ මාර්තු පාලක මණ්ඩල රැස්වීමට එක්වෙමින් මේ බව පැවසීය.

න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම පිළිබඳ චීනයේ මූලධර්ම හා ස්ථාවරය පැහැදිලි කළ හෙතෙම ජපානය කෙරෙහි ජාත්‍යන්තර අධීක්ෂණය ශක්තිමත් කිරීමට අදාළව චීනයේ යෝජනා එහිදී ඉදිරිපත් කළේය.

ෆුකුෂිමා විදුලි බලාගාරයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමෙන්, ජපාන භූමිය හා එරට අධිකරණ බලය බොහෝ දුරට ඉක්මවමින් පෙර නොවූ විරූ ආකාරයේ බාහිර බලපෑම් රැසක් එල්ල කෙරෙන බව Li Song මහතා පෙන්වාදෙයි. මෙම ක්‍රියාව ජාත්‍යන්තර න්‍යෂ්ටික ආරක්ෂණ පද්ධතියට ද දැඩි පහරක් බව හෙතෙම ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් ඉදිරිපත් ව ඇති ඉල්ලීම් වගකීම් සහගත අයුරින් සලකන්නැයි චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව ද Li Song මහතා පැවසීය. අසල්වැසි රටවල මෙන්ම මේ පිළිබඳ ඉහළ අවධානයක් දක්වන පාර්ශ්වයන්ගේ සහභාගිත්වය ඇතිව ස්වාධීන, ඵලදායී හා දිගුකාලීන ජාත්‍යන්තර අධීක්ෂණ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ද චීනය ජපානයෙන් ඉල්ලා සිටී. මේ හා සම්බන්ධ අධීක්ෂණ හා පරීක්ෂණවලට සහාය දෙමින්, ඊට සක්‍රිය ලෙස සහභාගි වීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය සූදානමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම