උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනයේ අවධානය
2024-03-05 11:53:41
Share with:

උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කළ බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා අද(5) ආරම්භ වුණු 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය වෙත රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

2024 වසරේ, චීනය ඉහළ අධිෂ්ඨානයකින් සහ තීව්රතාවයකින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ගැඹුරු ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර කාර්යක්ෂම වෙළෙඳපොළ සහ ක්‍රියාශීලී රජයන්හී වඩා හොඳ සංයෝජනයක් ප්‍රවර්ධනය කළ යුතුය. සමාජ ප්‍රවණතාව අඛණ්ඩව උත්තේජනය කොට වැඩිදියුණු කළ යුතු අතර, වැඩි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය සූදානමින් සිටින බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

2024 වසරේ නවීකරණයෙන් යුතු කාර්මික පද්ධතිය ගොඩනැංවීම චීනය තවදුරටත් තහවුරු කෙරෙන ‍බවත් නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීම කඩිනමින් කෙරෙන බවත් රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ.

මේ අනුව, නිෂ්පාදන කර්මාන්තයට අයත් ප්‍රධාන කාර්මික දාමයන් අධිගුණත්මක ලෙස වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන අතර, නිෂ්පාදන කර්මාන්ත තාක්ෂණයන් ද යාවත් කාලීන කිරීමට අපේක්ෂා කෙරේ. නවීන නිෂ්පාදන සේවා සංවර්ධනය කිරීම ද වේගවත් කෙරෙනු ඇත. එසේ ම, සුහුරු තාක්ෂණය සහිත නව බලශක්ති මෝටර් රථ ඇතුළු කැපී පෙනෙන කර්මාන්ත පුළුල් කරමින් හයි‍ඩ්‍රජන් බලශක්තිය, නව ද්‍රව්‍ය ඇතුළු ඉදිරි පෙළ කර්මාන්ත සංවර්ධනය තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව ද රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වෙයි.

2024 වසරේ දී චීනය ඉහළ මට්ටමේ ස්වයං-ස්වාධීනත්වය සහ ස්වයං-දියුණුව කඩිනම් කොට ස්වයං-නිර්මාණශීලීත්ව හැකියාව සම්පූර්ණයෙන් ඉහළ නංවා ගත යුතු බව රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දී තිබේ.

කේන්ද්‍රීය තාක්ෂණයන් ප්‍රවර්ධනය කොට ඉදිරි පෙළ තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කළ යුතු බව ද එහි දක්වා ඇත. විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන ක්ෂේත්‍රයේ ව්‍යවසායයන්ගේ ප්‍රමුඛතාව තවදුරටත් ඉස්මතු කෙරේ. විශේෂයෙන් සෞඛ්‍ය හා වැඩිහිටි සත්කාර ඇතුළු ජනතා ජීවනෝපායන්ට අදාළ විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ හා සංවර්ධනය සහ භාවිතය තහවුරු කළ යුතු ය. එසේම, ජාත්‍යන්තර විද්‍යා සහ තාක්ෂණික හුවමාරු හා සහයෝගිතා පුළුල් කළ යුතු බව ද එම වාර්තාවේ සඳහන් වේ.

2024 වසරේ දී චීනය දේශීය ඉල්ලුම පුළුල් කිරීමට අවධානය යොමු කරන අතර, සමස්ත පරිභෝජනය සහ ආයෝජන වඩා යහපත් ලෙස සැලසුම් කරන බව චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. එමගින් ආර්ථික වර්ධනය කෙරෙහි එල්ල කෙරෙන ගාමක බලය වැඩිදියුණු වනු ඇතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම වසරේ මධ්‍යම අයවැයෙන් චීන යුවාන් බිලියන 700 ක් ආයෝජන සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇත. පුද්ගලික ආයෝජන ස්ථාවර කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධාන ව්‍යාපෘති සංවර්ධනය සඳහා පුද්ගලික හා රාජ්‍ය නොවන අංශවල ප්‍රාග්ධනය යොදාගැනීම දිරිමත් කරන බව ද රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යවසායන් මෙන්ම විදේශ ආයෝජන ව්‍යවසායන් නවීකරණයේ වැදගත් ශක්තීන් බව රාජ්‍ය කාර්ය වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණයන් පුළුල් කළ යුතුය. 2024 වසරේ චීනය පෙරට වඩා දැඩි අධිෂ්ඨානයකින් හා ශක්තියකින් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කරනු ඇත. ඵලදායී වෙළඳපොල හා කාර්යක්ෂම රජය වඩා මනා ලෙස ඒකාබද්ධ කරමින් චීනය සිය සමාජීය ශක්තිය අඛණ්ඩව දිරිමත් හා තහවුරු කරන අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමට පොළඹවනු ඇතැයි ද එහි සඳහන් කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම