14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය බෙයිජිං හිදී ඇරඹේ
2024-03-05 11:10:51
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය බෙයිජිං හිදී ඇරඹේ.

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය අද(05) පෙරවරුවේ බෙයිජිං හිදී ඇරඹිණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2900ක පමණ පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටිති.

2වැනි සැසිවාරයේ දී රාජ්‍ය කාර්ය වාර්තාව සමාලෝචනය කෙරෙනු ඇත. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය මෙම වසරට යෙදී  තිබෙන අතර ‘14වැනි පස්අවුරුදු සැලැස්ම’ ක්‍රියාවට නැංවීමේ තීරණත්මක වසරක් ලෙසට ද මෙම වසර සැලකේ. චීන මාදිලියේ නවීකරණය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් චීන රජය ක්‍රියාත්මක වන ආකාරය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අවධානය යොමු වී ඇත.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා අද(5) ආරම්භ වුණු  14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය වෙත රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරයි. වසර 2023නේ නව කොරොනා වසංගත පාලනය හා වැළැක්වීමෙන් දැවැන්ත තීරණාත්මක ජයග්‍රහණය දිනා ගෙන රටේ ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක පූර්ණ ලෙස සාක්ෂාත් ක‍ර ගෙන ඇති බවත් නවීකරණ සමාජවාදී රටක් ගොඩනගා ගැනීමට ස්ථිර පියවර තබමින් සිටින බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

2024 වසරේ චීනය දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ සියයට 5ක වර්ධනයක් අපේක්ෂා කරයි.නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12කට වඩා වැඩි සංඛ්‍යාවකින් වැඩි කිරීම, නාගරික ප්‍රදේශවල විරැකියා අනුපාතය සියයට 5.5ක පමණ මට්ටමකට පාලනය කිරීම, පුරවැසියන්ගේ ආදායම් වර්ධනය හා ආර්ථික වර්ධනය සමාන ම‍ට්ටමක පවත්වා ගෙන යාම,ජාත්‍යන්තර ආදායම් හා වියදම මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 650කට වැඩි ප්‍රමාණය සහ ජෛව පරිසර ගුණාත්මකභාවය අඛණ්ඩව යහපත් කිරීම මෙම වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක බව ලී ච්‍යං අග්‍රාමාත්‍යරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. 

2024 වසරේ චීනය අඛණ්ඩව ක්‍රියාශීලී මූල්‍ය ප්‍රතිපත්ති සහ ස්ථාවර මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන බව රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වෙයි. ක්‍රියාශීලී මූල්‍ය ප්‍රතිපත්ති නිසි ලෙස ශක්තිමත් කළ යුතු අතර, එහි ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

චීනයේ වැදගත් උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාන ක්ෂේත්‍රවල ආරක්ෂක හැකියාවන් ගොඩනැගීම සඳහා, 2024 සිට අඛණ්ඩව වසර කිහිපයක් අතිශය දිගුකාලීන විශේෂ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට ද පියවර ගැනේ. චීන යුවාන් හී විනිමය අනුපාතිකය සාධාරණ සහ සමබර මට්ටමක ස්ථාවර ලෙස පවත්වා ගනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම