14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේ Jiang Su පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට චීන ජනපති එක්වෙයි
2024-03-05 18:47:11
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා අද(5) පස්වරුවේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේ Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් විය.

එහිදී ෂී ජින් පිං මහතා අවධාරණය කළේ අධි ගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය‍ වෙත ඉහළ අවධානය යොමු කරමින් සැබෑ තත්ත්වයට අනුව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කරන බවයි. නව වටයේ විද්‍යා හා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණයට මුහුණ දීමේදී අවස්ථා පුළුල් කරමින් නව කර්මාන්ත ප්‍රවර්ධනය කොට ඉදිරි පෙළ කර්මාන්ත සංවර්ධනය තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව හෙතෙම පැවසීය. නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීම වෙනුවෙන් සැබෑ තත්ත්වයට ගැළපෙන මාර්ගෝපදේශයට අනුව නව කර්මාන්ත, නව රටා හා නව බලශක්ති වර්ධනය ප්‍රවර්ධනය කළ යුතු ය. නව තාක්ෂණය භාවිත කිරීමෙන් සාම්ප්‍රදායික කර්මාන්ත වැඩිදියුණු කරමින් උසස් මට්ට‍ම, බුද්ධිමය හා හරිතකරණය සහිත කර්මාන්ත ප්‍රවර්ධනය කරන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම