ඇමරිකානු වාණිජ ලේකම්ගේ ව්‍යාජ ප්‍රකාශය ඇගේ නොදැනුවත්කමද නැතිනම් ඇගේ අඥානවන්ත බව ප්‍රදර්ශනය කිරීමක්ද?
2024-03-05 18:24:49
Share with:

ඇමරිකානු වාණිජ ලේකම් Gina Raimondo මහත්මිය මෑතකදී චීනය සම්බන්ධයෙන් තාර්කික නොවන ප්‍රකාශ කිහිපයක් කර තිබේ.

ඇමරිකාවේ ධාවනය කෙරෙන චීන මෝටර් රථ මිලියන ගණනක "රෝදයේ සවිකරන ලද iPhone" වැනි උපාංග ඔස්සේ සෑම විටම ඇමරිකානුවන්ගේ දත්ත "එක් කොට බෙයිජිං වෙත සම්ප්‍රේෂණය කරනු" ඇතැයි, ඇමරිකානුවන් සිතිය යුතු බව, ඇය ප්‍රකාශ කර ඇත.

Gina Raimondo මහත්මියගේ ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ iPhone, Tesla සහ Boeing පවා, සෑම විටම රහස්‍ය දත්ත ඇමරිකාවට යවන බව දැයි, චීන විදේශ අමාත්‍යංශය සමාජ්‍ය මාධ්‍යන් හි ප්‍රශ්න කළේ ය.

විශේෂයෙන් ඇමරිකාව විසින් චීන මෝටර් රථ සඳහා පනවා ඇති ඉහළ තීරුබදු හේතුවෙන්, එරට වීදිවල චීන නව බලශක්ති වාහන දැකීම දුර්ලභ ය. කෙසේ වෙතත්, ඇමරිකානු රජය චීනයේ විදුලි වාහන තාක්ෂණය සම්බන්ධයෙන් ඊනියා "ආරක්ෂක තර්ජනය" පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ. එපමණක් නොව, ඇමරිකානු රජය චීන මෝටර් රථ සඳහා තවත් 25% කින් තීරුබදු ඉහළ නැංවීමේ වැඩිදුර පියවර සලකා බලමින් සිටී. මේ සිදුවීම් මාලාව දෙස බලන විට, මේ පිටුපස ආර්ථික සාධක සහ දේශපාලන අරමුණු යන දෙකම තිබේ.

Gina Raimondo මහත්මිය මෙවැනි ව්‍යාජ තොරතුරු පතුරුවා හැරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ, මහජන මතය නිර්මාණය කිරීම මෙන්ම එක්සත් ජනපදයට අදාළ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති දියත් කිරීම සඳහා මහජන මතය හැසිරවීම සඳහා මඟ පාදා ගැනීමටය.

මීට අමතරව, සමහර විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ, මෙම වසර එක්සත් ජනපද මැතිවරණ වසර සමඟ සමපාත වන බවයි. Gina Raimondo මහත්මිය විසින් චීන මෝටර් රථවල "තර්ජනය" අතිශයෝක්තියට නැංවීම, ඇමරිකානු මෝටර් රථ කර්මාන්තයේ සහ මෝටර් රථ සේවකයින්ගේ ඉල්ලීම් සපුරාලීම සහ වැඩි ඡන්ද දිනා ගැනීමේ උපක්‍රමයකි.

අනුන් යටපත් කිරීමෙන් තමන් ශක්තිමත් වන්නේ නැත. අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම වෙනුවට, Gina Raimondo මහත්මිය ඇමරිකානු මෝටර් රථ කර්මාන්තයේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට ප්‍රායෝගික පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම