චීනයේ 2024 වාර්ෂික සැසිවාර වෙනුවෙන් ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යවරයාගෙන් සුබ පැතුම්
2024-03-04 15:03:03
Share with:

තමන්ට අනන්‍ය වූ දේශපාලන ව්‍යුහයක් සහ නිතී රාමුවක් තුළ කටයුතු කිරීම චීනයේ තිරසර දියුණුවට හේතු වී ඇති අතර ඒ ඔස්සේ චීනය සෑම අංශයකින්ම බලවත් සහ ශක්තිමත් ර‍ටක් බවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. චීනයේ 2024 වාර්ෂික සැසිවාර වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයට විශේෂ පණිවිඩයක් යොමු කරමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කළේය.

වර්තමාන ලෝකයේ ආර්ථිකය හසුරවන ප්‍රබලතම රටක් ලෙස කලාපයේ මෙන්ම ‍සමස්ත ලෝකයේ ආරක්ෂාව සහ සමගිය උදෙසා චීනය වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වේ. එමෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල ජනතාව වෙනුවෙන්, සියලු රටවල් සමග එක්ව සාමුහික යුක්ති සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය සමත් වනු ඇතැයි ද අමාත්‍යවරයා සිය විශ්වාසය පළකළේය.

ශ්‍රී ලංකාවේ සමීප මිත්‍රශිලී රටක් වන චීනයට 14වැනි චීන මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරය වෙනු‍‍වෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන මහජන සමූහාණ්ඩුවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් ද එක් කළේය.

 

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම