දෛනින ඛනිජ තෙල් නිශ්පාදන කප්පාදුව දීර්ඝ කරන බව සෞදි අරාබිය පවසයි
2024-03-04 09:19:03
Share with:

තමන් විසින් ස්වෙච්ඡාවෙන් ක්‍රියාත්මක කරනු ලබන දෛනින ඛනිජ තෙල් නිශ්පාදන කප්පාදුව දීර්ඝ කරන බව සෞදි අරාබිය පවසයි.

‍ඒ අනුව ඛනිජ තෙල් වෙළඳපොලේ ස්ථාවරභාවය පවත්වා‍ ගෙන යාමේ අරමු‍ණෙන් දෛනිකව ඛනිජ ‍තෙල් නිශ්පාදනය බැරල් මිලියනයකින්  කප්පාදු කිරීම මෙම වසරේ දෙවන කාර්තුවේ අවසානය දක්වා දීර්ඝ කර ඇත.මෙම කප්පාදු කිරීම 2023 වසරේ  ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වෙයි.

එහි කාලය දීර්ඝ කිරීමත් සමග මෙම වසරේ ජුනි මස අවසානය දක්වා දෛනිකව බැරල් මිලියන 9ක් නිශ්පාදනය කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ. මෙම කප්පාදු කිරීම 2023 වසරේ අප්‍රේල් මාසයේ දී නිවේදනය කෙරුණු දෛනිකව බැරල් ලක්ෂ 5ක කප්පාදුවට අමතරව බවද සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම