දින 139 ක් තුළ ජකර්තා-බැන්ඩුං අධිවේගී දුම්රියේ ගමන්ගත් මගීන් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවයි
2024-03-04 16:28:13
Share with:

ජකර්තා-බැන්ඩුං අධිවේගී දුම්රිය 2023 වසරේ ඔක්තෝම්බර් 17 වැනිදා නිල වශයෙන් විවෘත කෙ‍රිණ. සීමාසහිත චීන දුම්රිය ජාත්‍යන්තර සමාගමේ දත්තවලට අනුව, ඊයේ(03) දිනය වන විට මෙම අධිවේගී දුම්රිය දින 139 ක් පුරා සාර්ථකව ධාවනය කර ඇති අතර එහි ගමන් කළ මුළු මගී සංඛ්‍යාව 2,008,387 ක් බව වාර්තා වේ. ජකර්තා-බැන්ඩුං අධිවේගී දුම්රියේ දෛනික ගමන්වාර සංඛ්‍යාව ආරම්භයේ දී 14 ක් වූ අතර අද වනවිට එය 40 දක්වා වැඩි වී ඇත.

චීනය සහ ඉන්දුනීසියාව එක්ව ඉදි කරන ජකර්තා-බැන්ඩුං අධිවේගී දුම්රිය ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා නගරය සහ සුප්‍රසිද්ධ සංචාරක නගරයක් වන බැන්ඩුං නගරය සම්බන්ධ කරයි. නගර දෙක අතර ගමනාගමන කාලය පැය තුනකට වඩා විනාඩි 46 දක්වා කෙටි කරයි. එය ඉන්දුනීසියානු ජනතාව සඳහා අපූරු සංචාරක අත්දැකීමක් නිර්මාණය කරන අතර "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී චීන-ඉන්දුනීසියාවේ සහයෝගීතාවය සංකේතයක් බවට පත් වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම