චීන ජාතික සැසිවාරයන්හී ප්‍රධාන රැස්වීම් දෙකක් අද
2024-03-04 09:05:08
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරයේ අද ආරම්භ වන අතර 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයේ සූදානම් රැස්වීමද පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය අද(4) පස්වරු 3ට ආරම්භ වේ.

ඊට අමතරව අද පෙරවරුවේ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයේ සූදානම් රැස්වීමද පැවැත්වෙයි. එම රැස්වීමේදී 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයේ සභාපති කණ්ඩායම හා මහ ලේකම්වරයා තෝරා ගනු ඇත.එහි සංශෝධන න්‍යාය පත්‍රය වෙනුවෙන්  ඡන්ද විමසීමක් පැවැත්වීමට ද නියමිතය. 

එම සූදානම් රැස්වීම පැවැත්වීමෙන් පසු 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයේ සභාපති කණ්ඩායම පළමු රැස්වීම පවත්වනු ඇත. 

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව දහවල් 12ට  පැවැත්වේ. එහි ප්‍රකාශකයා සැසිවාර න්‍යාය පත්‍රය හා චීන ජාතික මහජන කොංග්‍රසයේ කටයුතු සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් දැනුවත් කරනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම