14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය හෙට ( 5) සිට දින 7ක් පුරා
2024-03-04 14:37:17
Share with:

14වැනි චීන  ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය හෙට ඇරඹේ.

සමාරම්භක උත්සවය හෙට (5) උදෑසන 9ට බෙයිජිංහි මහජන මහශාලාවේදී පැවැත්වේ.

අද(4) පැවති 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුවේදී සැසිවාරයේ ප්‍රකාශක Lou Qinjian මහතා මේ බව  ප්‍රකාශ ‍කළේය. හෙතෙම එහිදී සැසිවාර න්‍යාය පත්‍රය සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ කටයුතු සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් දැනුවත් කළේය.

මෙවර සැසිවාරය හෙට (5) සිට එළඹෙන 11වැනිදා දක්වා දින 7 පුරා පැවැත්වෙන අතර එම කාලය තුළදී පූර්ණ රැස්වීම් 3ක් පැවැත්වීමට නියමිත  බව Lou Qinjian මහතා එහිදී සඳහන් කළේය.

එසේම සැසිවාරයේ සූදානම් රැස්වීමද අද උදෑසන පැවැත්විණ. සැසිවාර න්‍යාය කෙටුම්පත එහිදී සම්මත කෙරිණ. රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කොට සාකච්ඡා කිරීම සහ 2024 ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැසුම් කෙටුම්පත සමාලෝචනය කිරීම යනාදී කාර්යයන් හතක් එම න්‍යාය පත්‍රයට ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම