චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය චීන ජනපති ඇතුළු නායකයින්ගේ ප්‍රධානත්වයෙන්
2024-03-04 18:46:58
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වේ.

එම සැසිවාරය අද (4) පස්වරු  3.00ට බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී ආරම්භ විය . චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු පක්ෂ හා රජයේ නායකයෝ එහි ආරම්භක උත්සවයට එක් වූහ.

චීන මහජන දේශපාලන උපදේශක ජාතික කමිටුව, චීන කොමියුනිස්ට් පක්ෂය, චීනයේ සෙසු දේශපාලන හා ප්‍රජාතන්ත්‍රීය පක්ෂ, නිර්පාක්ෂිකයන්, මහජන කණ්ඩායම්, විවිධ සුළු ජන වර්ග හා විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන්, තායිවානය, හොංකොං හා මැකව් ස්වදේශකයන්, විදේශගත වී ආපසු මව්රටට පැමිණි චීන ජාතිකයන්ගේ නියෝජිතයන්, විශේෂ ආරාධිතයන්ගෙන් සමන්විත විය. චීන මහජන දේශපාලන උපදේශක ජාතික කමිටු‍වේ ප්‍රධාන කාර්යයන් වන්නේ රටේ පාලනය වෙනුවෙන් දේශපාලන උපදේශන ලබාදීම, ප්‍රජාතන්ත්‍රීය අධීක්ෂණය සිදු කිරීම, රජයේ කටයුතුවලට එක් වීම හා අදාළ කරුණු පිළිබඳ අදහස් දැක්වීම ය. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සෑම  ජාතික කමිටුවක නිල කාලය වසර 5කි. සෑම වසරකම එම ජාතික කමිටුව පූර්ණ සැසිවාරයක් පවත්වයි. මෙම ක්‍රමය මගින් පාලක චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ සෙසු දේශපාලන පක්ෂ හා විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග එක්ව රටේ පාලන කටයුතු සිදු කරයි.

ලබන 11වැනි දා දක්වා පැවැත්වෙන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය සඳහා ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර 34ක් නියෝජනය කරමින් දේශපාලන උපදේශකයෝ 2100කට වැඩි පිරිසක් එක් ව සිටිති. චීන දේශපාලන, ආර්ථික, සමාජීය ඇතුළු කරුණු රැසක් පිළිබඳ වද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ..

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම