එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්
2024-03-04 16:11:17
Share with:

නව පනත් කිහිපයක් හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ඔන්ලයින් ආරක්ෂණ පනත, ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත ඇතුළු රජය විසින් හඳුන්වාදී ඇති නව පනත් කෙටුම්පත් මගින් රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස සීමා වන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී අදහස් දක්වමින් මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කර නඩු පැවරීම සඳහා විශ්වසනීය වගවීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර සැබෑ සංහිදියාව සහ තිරසර සාමය ළඟා කරගැනීමට රජය කැපවී කටයුතු කළ යුතු බව වෝල්කර් ටර්ක් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මීට පිළිතුරු වශයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ආයතන සැමවිටම ස්ථාවරව පවතින බවත් දැනටමත් දේශීය යන්ත්‍රණයක් ඔස්සේ ප්‍රගතිය හඹා යෑමට කැපවී සිටින බවත්ය. සමාජ, දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමෙහිලා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර එය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පිළිගෙන තිබෙන බව ද ඇය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම