පලස්තීන-ඊශ්‍රායල සටන් විරාමය පිළිබඳ නව වටයේ සාකච්ඡාවට ඊශ්‍රායලය නොපැමිණේ
2024-03-04 09:46:53
Share with:

හමාස් සංවිධානය ඇතුළු ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අදාළ පාර්ශ්ව ඊයේ (3) ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී නව වටයේ සාකච්ඡා ආරම්භ කළ බව ඊජිප්තු මාධ්‍ය වාර්තා කරයි. එම සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට ද නියමිතය. මේ අතර, එදින පැවති සාකච්ඡාවට එක් වීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ බව ද ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.

හමාස් සංවිධානයේ උසස් නිළධාරි‍යෙකු වන  Khalil al-Hayya ප්‍රමුඛ නියෝජිත පිරිස මෙවර සාකච්ඡාවට සහභාගී වී ඇත. ගාසා තීරයේ සටන් විරාමය හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම නියෝජිත පිරිස කයිරෝ නුවරට පැමිණ ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම