‘Xi Jinping: The Governance of China’ හි පළමුවැනි වෙළුමේ බල්ගේරියානු භාෂා සංස්කරණය නිකුත් වේ
2024-03-04 19:48:03
Share with:

චීන බල්ගේරියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘Xi Jinping: The Governance of China’ හෙවත් ‘ෂී ජින්පිං ගේ චීන රාජ්‍ය පාලනය’ නමැති ග්‍රන්ථයේ පළමුවැනි වෙළුමේ බල්ගේරියානු භාෂා සංස්කරණය අද(4) නිකුත් කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසය අවසන් වීමේ සිට 2014 වසරේ ජූනි මස 13 වනදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ‍ ලේකම් ෂී ජින්පිං මහතා‍ගේ ප්‍රකාශිත හා ලිඛිත කරුණු ඇසුරින් මෙම වෙළුම සම්පාදනය කර තිබේ. නූතන චීනය හා චීන කොමියුනිස්ට් පක්ෂය පිළිබඳ දැනගැනීමට ඉන් වැදගත් ශාස්ත්‍රීය කරුණු සැපයේ. චීන විදේශ භාෂා ප්‍රකාශනාගාරය හා බල්ගේරියාවේ ප්‍රකාශනාගාරයක් විසින් ඒකාබද්ධව එය පරිවර්තනය කරමින් ප්‍රකාශනයට පත් කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම