ඇමරිකාව චීන මෝටර් රථවල අපනයනයට බාධා කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස "ජාතික ආරක්ෂාව" භාවිතා කරන බව චීනය පවසයි
2024-03-04 20:15:14
Share with:

ඇමරිකානු රජය පසුගිය 29වැනිදා ප්‍රකාශ කළේ, චීනයේ නිෂ්පාදිත මෝටර් රථවල ජාතික ආරක්ෂක අවදානම් සමාලෝචන දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, ඇමරිකාව චීන මෝටර් රථවල අපනයනයට බාධා කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස "ජාතික ආරක්ෂාව" භාවිතා කරන බවයි. මේ සම්බන්ධයෙන් චීනය දැඩි කනස්සල්ල පළ කරයි. චීනයේ විදුලි වාහන කර්මාන්තයේ දියුණුව ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ හරිත පරිවර්තනයට සහ දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීමට ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත. වෙළඳපල මූලධර්මවලට ගරු කරන ලෙසත්, සියලුම රටවල සමාගම් සඳහා සම මට්ටමින් සලකන ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව, චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම