2024 චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව විවිධ රටවල දේශපාලනඥයන්ගේ අවධානය
2024-03-04 10:05:26
Share with:


චීන ජාතික මහජන කොංග්‍රසයේ හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසිවාර සම්බන්ධයෙන් විවිධ රටවල දේශපාලනඥයන්ගේ අවධානය යොමු වෙති. ඉදිරි ගෝලීය සංවර්ධනය සඳහා චීනයට වඩා වැඩි දායකත්වයක් ලබා දිය හැකි යැයි ඔවුන් අපේක්ෂා පළ කර ඇත.

චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව සිය රට වැඩි අවධානයෙන් සිටින බවත් ආර්ථිකය සහ විද්‍යා තාක්ෂණය යන ක්ෂේත්‍රවල චීනය ලබා ගත් තිරසර ප්‍රගතීන් ලෝකයට වැදගත් වන බවත් බොලීවියා ජනාධිපති Luis Alberto Arce Catacora මහතා ප්‍රකාශ කර ඇත.

චීනයේ මහජන කොංග්‍රස ක්‍රමවේදය, රටේ විවිධ කර්මාන්තවල නියුක්තිකයින්ගේ හා විවිධ ජන වාර්ගික ජනතාවගේ අයිතීන් සහතික කර ඇති බවත්, චීනයේ දේශපාලන ක්‍රමවේදයේ ඵලදායිතාව එරට ලද ජයග්‍රහණ තුළින් මනාව පිළිබිඹු වන බවත් රුසියානු ජාතික ඩුමා  සභාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කමිටුවේ පළමු නියෝජ්‍ය සභාපති Dmitry Novikov මහතා ප්‍රකාශ කර තිබේ. 

චීනයේ විධිමත් ජයග්‍රහණයට හේතු වී ඇත්තේ චීන නායකයින් හා රාජ්‍ය අංශ විද්‍යාත්මකව ආර්ථික සැලසුම් සම්පාදනය කිරීම බවත් මෙවර සැසිවාර මගින් චීනයේ 14වැනි පස්අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය සම්පිණ්ඩනය කිරීම ඊට නිදසුනක් බවත් චිලි රාජ්‍යයේ සෙනෙට් මන්ත්‍රී  Juan Prieto මහතා කියාසිටී. එම සැලැස්ම සමස්ත ලෝකයටම ප්‍රතිලාභ ගෙන දෙන හෙයින් එයට ගෝලීය වැදගත්කමක් ද හිමි වන බව හෙතෙම පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම