ලෙබනනයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන ආරක්‍ෂක භට කණ්ඩායමෙන් යුද හමුදාපතිට ගෞරවාචාර
2024-03-03 16:18:39
Share with:

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත් ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා 15 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනමයි. එම උත්සවය බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු සරඹ භූමියේ දී ඉකුත් පළමුවැනි දා පැවැත්විණ.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරි සංකේතවත් කරමින් මෙහිදී යුද හමුදාධිපතිවරයා ජාතික ධජය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද හමුදා ධජය සහ විජයබාහු පාබල රෙජිමේන්තු ධජය 15 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ මහතා වෙත පිරිනැමීය.

15 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසුනිලයන් 114 දෙනෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයන් 125 දෙනෙකුගෙන් සමන්විත වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම