යුක්රේන අර්බුදය විසඳීම සඳහා ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නය යළි මොස්කව් නුවරින් ඇරඹේ
2024-03-03 20:36:34
Share with:

යුරේසියානු කටයුතු සඳහා චීන රජයේ විශේෂ නියෝජිත Li Hui මහතා රුසියාවේ මොස්කව් නගරයට පැමිණෙයි. ඒ, යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රික දෙවැනි ප්‍රයත්නයට මැදිහත්කරුවෙකු ලෙස එක්වීම සඳහා යි. ඊයේ (2) රාත්‍රියේ එහි පැමිණි Li Hui මහතා එම කර්තව්‍යය ආරම්භ කරමින් රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Mikhail Galuzin මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.

යුක්රේන අර්බුදය උත්සන්න වී වසර දෙකක් ගත වී ඇති බව Li Hui මහතා එහිදී පැවසීය. එම අර්බුදයේ අවසන් දේශපාලන විසඳුම උදෙසා රුසියාව, යුක්රේනය සහ අනෙකුත් අදාළ පාර්ශ්ව අතර සාම සාකච්ඡා ප්‍රවර්ධනයට චීනය අඛණ්ඩව උත්සාහ දරන බව ද හෙතෙම පැවසීය.

යුක්රේන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවට එකඟ වූ Mikhail Galuzin මහතා, මේ සම්බන්ධයෙන් චීනයේ සුවිශේෂ කාර්යභාරය අගය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම