ඇමරිකාව ගාසා තීරයට ගුවනින් ආධාර හෙළීම ජගත් ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක් වේ
2024-03-03 15:51:06
Share with:

ගාසා තීරයට ආධාර සැපයුම් ගුවනින් හෙළීමේ ඇමරිකාවේ කුහක ක්‍රියාව විවේචනයට ලක් වේ.

ඇමරිකාව ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම ගුවනින් හෙළීම ආරම්භ කර ඇති බව එරට මධ්‍යම විධානය ඊයේ (2) ප්‍රකාශ කළේය. එහෙත්, මෙම ගැටුම්වල දී සැමවිටම ඊශ්‍රායලයට අනුග්‍රහය දක්වන ඇමරිකාව ගාසා තීරයට ආධාර සැපයුම් ගුවනින් හෙළීම, ඔවුන්ගේ ‘කුහකකම පිළිබිඹු කිරීමක්’ සහ ‘ප්‍රදර්ශනාත්මක අවස්ථාවක්’ ලෙසට විවිධ පාර්ශ්වයන්ගේ දැඩි අප්‍රසාදයට හා විවේචනයට ලක් ව තිබේ.

ආධාර සැපයුම් ගුවනින් හෙළීම මනා ප්‍රදර්ශන අවස්ථාවක් වන නමුත් එය ආධාර සැපයීමේ දුර්වල ක්‍රමයක් බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති අධ්‍යක්ෂ Richard Gaughan මහතා පැවසීය.

ජාත්‍යන්තර සහන සංවිධානයක් වන Oxfam සංවිධානයේ ඇමරිකානු ශාඛා ප්‍රධානි Scott Paul මහතා කියාසිටියේ, ඇමරිකාව ගාසා තීරයට ගුවනින් ආධාර සැපයීම ප්‍රධාන වශයෙන් එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වරදින් මිදීම සඳහා සිදුකරන්නක් බවයි. ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පනවන ලද ප්‍රතිපත්ති, ගාසා තීරයේ සිදුවෙමින් පවතින සැහැසි ක්‍රියාවන්ට සහ සාගත අවදානමට හේතු වන බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම