කෙතරම් අභියෝග පැවතියත් ගොවි ගැටලු කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුකරන බව ජනපති කියයි
2024-03-03 16:00:57
Share with:

රට යළි ගොඩනැගීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රමුඛතාව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරි වසර 10 තුළ රටේ පුළුල්තම කෘෂිකර්ම නවීකරණය ක්‍රියාත්මක කරන බවත්, තරුණ පරපුර කෘෂි කර්මාන්තය කෙරෙහි යොමුකිරීම සඳහා   ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’වැඩසටහන හඳුන්වාදීමට පියවර ගන්නා බවත් හෙතෙම කියාසිටී.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමලය, ගලමැටියාව ප්‍රදේශයේ වී අස්වනු නෙළීමේ අවස්ථාවට ඊයේ (2) එක්වෙමිනි.  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ද ඔහු කියාසිටියේය.

මීට අමතරව ගොවි පවුල් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීම, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ තරුණ කෘෂි ව්‍යවසායකයින්ට ඉඩම් ලබාදීම සහ කිරි ගොවීන් සඳහා තෘණ භූමියකට ප්‍රමාණවත් භූමි භාගයක් වෙන් කිරීම යන කරුණු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. එම ඉල්ලීම් කඩිනමින් සපුරාලන ලෙස ද ජනාධිපතිවරයා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම