චීනයේ ඉහළම දේශපාලන උපදේශක මණ්ඩලය සිය ස්ථාවර කමිටු සැසිවාරය අවසන් කරයි
2024-03-03 16:49:56
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුව, එහි ස්ථාවර කමිටුවේ පස්වැනි සැසිවාරය බෙයිජිං අගනුවර දී අවසන් කරයි. එය චීනයේ ජාතික දේශපාලන උපදේශක ආයතනය වේ.  එම සමාප්ති රැස්වීම ඊයේ (2) පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Wang Huning  මහතා එහිදී දේශනයක් පැවැත්වීය.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව පසුගිය වසරේ අත්කර ගත් සමස්ත ප්‍රගතිය පැසසුමට ලක් කළ ඔහු 2024 වර්ෂය, මහජන චීන සමූහාණ්ඩුව මෙන්ම චීන මහජන දේශපාලන උපදේශක සභාව පිහිටුවීමේ 75 වැනි සංවත්සර වසර බව ද සිහිපත් කළේය.

චීන මහජන දේශපාලන උපදේශක සභාව සිය ප්‍රශස්ත සම්ප්‍රදාය ඉදිරියට ගෙන යා යුතු අතර, එහි දේශපාලන වගකීමට කැපවී සිටිය යුතුය. චීන නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සක්‍රියව උපදෙස් ලබාදෙමින් පොදු සම්මුතීන් ගොඩනගා ගත යුතුය. එසේම, ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා ප්‍රඥාව සහ ශක්තිය එක්රැස් කළ යුතු බව ද ජාතික කමිටු සභාපතිවරයා කියාසිටියේය.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරයේ සාර්ථකත්වය සහතික කිරීමට කැප වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

මෙම රැස්වීමේ දී න්‍යාය පත්‍රයේ කෙටුම්පතක් සහ වාර්ෂික සැසියේ කාලසටහන, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ, ජාතික කමිටුවේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාවක් මෙන්ම දේශපාලන උපදේශකයන්ගේ යෝජනා ජාතික කමිටුවේ පළමු සැසියේ සිට හසුරුවා ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් ඇතුළු ලේඛන සමාලෝචනය කර සම්මත කරනු ලැබීය. 

මෙම ලේඛන ඉදිරි සමාලෝචනය සඳහා වාර්ෂික සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබේ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම