පාකිස්තානයට නව අග්‍රාමාත්‍යවරයෙක්
2024-03-03 18:39:48
Share with:

Muhammad Shahbaz Sharif මහතා පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වෙයි.

පාකිස්තාන ජාතික සභාව අද (3) ඉස්ලාමාබාද් අගනුවර අගමැති මැතිවරණයක් පැවැත්වීය. එරට මුස්ලිම් ලීගයේ සභාපතිවරයා වන Muhammad Shahbaz Sharif මහතා එහිදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් ව ඇත.

ඉකුත් පෙබරවාරි මාසයේ දී, පාකිස්ථානය ජාතික සභා මැතිවරණයක් පැවැත්වීය. එහිදී අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු සාමාජිකයන් පෙබරවාරි 29 දින දිවුරුම් දීමත් සමග, එරට නව පාර්ලිමේන්තුවේ  නිල ආරම්භය සටහන් කෙරේ.

මේ අතර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයාට සුබ ප්‍රාර්ථනා කරමින් පණිවුඩයක් යොමු කර ඇත. චීනය හා පාකිස්ථානය විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් ‍කොට නව යුගයේ වඩා සමීප පොදු ඉරමණ සහිත චීන-පාකිස්ථාන ප්‍රජාව ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම