චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය හෙට (4)
2024-03-03 15:35:24
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය හෙට (4) පස්වරුවේ පැවැත්වේ.

මෙම සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව අද (3) පස්වරුවේ පැවැත්විණ. එහි ප්‍රකාශක Liu Jieyi මහතා මෙම සැසිවාරය පිළිබඳව චීන සහ විදේශීය මාධ්‍ය දැනුවත් කළ අතර, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය හෙට (4) පස්වරු 3 ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ආරම්භ වන බව ද Liu Jieyi මහතා එහිදී නිවේදනය කළේය. දින 6 ක් පුරා පැවැත්වෙන එය මාර්තු 10 වැනිදා පෙරවරුවේ අවසන් වනු ඇත.

සැසිවාරයේ ප්‍රධාන න්‍යාය පත්‍රය වන්නේ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව සහ යෝජනා කාර්ය වාර්තාවට සවන් දීම සහ සමාලෝචනය කිරීමයි. 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයට ඡන්දය ප්‍රකාශ නොකරන නියෝජිතයකු ලෙස සහභාගි වී රාජ්‍ය කාරක වාර්තාව සහ අනෙකුත් අදාළ වාර්තාවලට සවන් දී සාකච්ඡා කිරීම ද ප්‍රධාන න්‍යාය පත්‍රයට ඇතුළත් වේ. එසේම, මෙම සැසිවාරයේ දී චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුව පසුගිය වසරේ ඉටු කළ කාර්යයන් සාරාංශ කර, මෙම වසරේ කාර්යභාරය පිළිබඳ විග්‍රහ කරනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම