චීන උපජනපති චීනයේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික ඇගයීම් රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙයි
2024-03-03 16:19:32
Share with:

චීන උපජනාධිපති Han Zheng මහතා චීනයේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික ඇගයීම් රාත්‍රී භෝජන සංග්‍රහයට එක් ව දේශනයක් පවත්වයි. ඉකුත් පළමුවැනිදා බෙයිජිං නුවර දී පැවති ඊට උපජනාධිපතිවරයා සහභාගි වූයේ එම මණ්ඩලයේ ඇරයුමක් අනුව යි.

චීනය සහ ඇමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 45 වැනි සංවත්සරය මේ වසරේ යෙදී ඇති අතර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා ඒ නිමිත්තෙන් සුබ පැතුම්  හුවමාරු කර තිබේ. පසුගිය වසරේ රාජ්‍ය නායක දෙපළ අතර පැවති හමුවේ දී ප්‍රකාශයට පත්කෙරුණු“San Francisco දැක්ම”මගින් චීන-ඇමරිකානු සබඳතා සඳහා ස්ථාවර,ශක්තිමත් සහ තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමේ දිශානතිය පෙන්වා දී ඇත. පසුගිය අඩසියවස පුරා,දෙරට ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර, එමගින් දෙරටේම ආර්ථික හා සමාජයීය සංවර්ධනයට වැදගත් දායකත්වයක් ලබා දී තිබේ.

චීන-ඇමරිකානු ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව සඳහා පුළුල් අවකාශයක් පවතින බවත්, චීනයේ ආයෝජනයට සහ ව්‍යාපාර ආරම්භ කිරීමට ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාවේ මිතුරන් සාදරයෙන් පිළිගන්නා බවත් Han Zheng මහතා පැවසීය. චීනයේ ඇමරිකානු වාණිජ මණ්ඩලය, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව සහ අනෙකුත් ආයතන සමඟ සන්නිවේදනය ශක්තිමත් කර, ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

චීන සහ ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් 500 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම