චීනයේ Shenzhou 17 ගගනගාමීන්ගේ දෙවැනි බාහිර මෙහෙයුම සාර්ථක යි
2024-03-02 16:18:09
Share with:

චීනයේ Shenzhou 17 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු තිදෙනා යානයෙන් බැහැර දෙවැනි මෙහෙයුම සාර්ථක ව අවසන් කරති.

පැය 8 ක් පුරා බාහිර මෙහෙයුම්වල නිරත වූ Tang Hongbo, Tang Shengjie සහ Jiang Xinlin යන ගගනගාමීන් තිදෙනා අද (02) පස්වරු 1.32 ට නියමිත ඉලක්ක සපුරා, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුබද්ධ Wentian රසායනාගාර මොඩියුලය වෙත ආපසු පැමිණ තිබේ.

Tianhe ප්‍රධාන මොඩියුලයට අදාළ සූර්ය බලශක්ති පැනලවල නඩත්තු කටයුතු සිදුකිරීම මෙවර බාහිර මෙහෙයුම විය. චීන ගගනගාමීන් කක්ෂගත අභ්‍යවකාශ යානයට අනුබද්ධ බාහිර පහසුකම් නඩත්තු කිරීමේ මෙහෙයුමක් සම්පූර්ණ කළ පළමුවැනි අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම