2020 න් පසු ඉහළම සංචාරක ඉපැයීම් ජනවාරි මාසයේ
2024-03-02 15:39:05
Share with:

2020 වසරේ ජනවාරි මාසයෙන් පසු මසක දී වාර්තා වූ ඉහළම සංචාරක ඉපැයීම් අගය මේ වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

පසුගිය 2023 වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වූ සංචාරක ඉපැයීම් අගය ඇමරිකානු ඩොලර් මිලියන 154 කි. මේ වසරේ එය ඇමරිකානු ඩොලර් මිලියන 342 ක් ලෙස වාර්තා වී ඇත. එය පෙර වසරට සාපේක්ෂව 122.7% ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇස්තමේන්තු කළ ඇමරිකානු ඩොලර් මිලියන 269 ක සංචාරක ඉපැයීම් ඉලක්කය අභිභවා ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 342 ක ආදායමක් උපයා ගත හැකිවීම කැපීපෙනෙන වර්ධනයක් බව ද මහ බැංකුව කියයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම