ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානි සිදුවීමට ඉඩ නොතබන බව ජනපති කියයි
2024-03-02 16:55:09
Share with:

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දීය සාගර කලාපය ද ආරක්ෂා කරගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි. ඉන්දියන් සාගරය තුළ ක්‍රියාත්මක මෙරට ආර්ථික වැඩසටහන්වලට හානි සිදුවීමට ඉඩ නොතබන බව ද හෙතෙම අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ඊයේ (01)  පැවති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.

මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් රැකගැනීම සඳහා සූවස් ඇල සහ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා කැපවූ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට ජනාධිපති වර්ණ ප්‍රදානය මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුකෙරිණ.

අනතුරුව ජනාධිපතිවරයා ඩෝරා යාත්‍රාවක නැගී මුහුදේ නැංගුරම්ලා තිබූ, විවිධ ක්‍රියාන්විතයන්ට එක් වූ නෞකා නිරීක්ෂණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම