රතු මුහුදේ අර්බුදය හමුවේ වඩාත් ඉස්මතු වන චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවේ ප්‍රතිලාභ
2024-03-02 19:29:13
Share with:

Houthi සංවිධානය රතු මුහුදේ නාවික ගමන් මාර්ග තහනම් කිරීමෙන් ගෝලීය භාණ්ඩ සැපයුම අර්බුදකාරී තත්ත්වයට පත් ව ඇත. දකුණු කොරියාවේ සිට යුරෝපා සංගමයට අයත් රටවල් දක්වා වන සාගර ප්‍රවාහන වියදම ගතවූ මාස 4 තුළ 250% ක ශීඝ්‍ර වර්ධනයකට තුඩු දී ඇති බව The Korea Daily පුවත්පත වාර්තා කරයි. මේ හේතුවෙන් දකුණු කොරියානු ව්‍යවසායන්වල අපනයන තරගකාරීත්වය පහතට වැටීමේ ‍ඉඩක් පවතින බව ද එම වාර්තාවේ දැක්වෙයි. The Korea Daily පුවත්පතේ එම වාර්තාව පෙන්වා දෙන්නේ රතු මුහුදේ මෙම අර්බුදය හේතුවෙන් ගෝලීය භාණ්ඩ සැපයුම් දාමයට හානිකර තත්ත්වයක් එල්ල වී ඇති අවස්ථාවක, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවේ පවතින ඉහළ ප්‍රතිලාභ ය.

සාගර ප්‍රවාහනයට වඩා චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවේ පවතින වාසිය කුමක් ද? එහි කැපීපෙනෙන ප්‍රතිලාභය වන්නේ ස්ථායිතාව යි. ප්‍රවාහන පිරිවැය අඩුවීම ද තවත් වාසියකි. ‍එසේ ම මෙම දුම්රියේ වේගය ද තවදුරටත් ඉහළ නංවා තිබේ. නිදසුනක් ලෙස චීනයේ Xi’an නගරය සහ ජර්මනියේ Duisburg නගරය අතර ගමනාගමනයට වර්තමානයේදී ගතවන්නේ දින 10 ක් පමණකි. පසුගිය වසරේ පැවති කාලයට වඩා මෙය දින 2ක අඩුවීමකි. මුල් කාලයේ එහි ගමනාගමනය හා සැසඳීමේදී මෙම කාලය සතියකින් පමණක් අඩු වී ඇත.

නවතම සංඛ්‍යාලේඛනයට අනුව, ආරම්භයේ සිට මේ දක්වා චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ධාවන වාර සංඛ්‍යාව 85,000 ඉක්මවා ඇත. අධිගුණාත්මක භාවයෙන් යුතු පොදු ප්‍රයත්නයක් වන ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ යටතේ මෙම දුම්රිය සේවාව යුරෝපා රටවල් 25 ක් වෙත ක්‍රියාත්මක යි. නගර  219 ක් එමගින් සම්බන්ධ වී තිබීම ද විශේෂත්වයකි. යුරේසියාවේ ප්‍රවාහනය සඳහා නව මාර්ගයක් ඉන් විවෘත වී ඇති අතර, කලාපීය ආර්ථික හා වෙළඳ සහයෝගයට නව පාලමක් සකසා තිබීම ද කැපී පෙනේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම