චීන රජය සහ ජනතාව සතු ආශ්චර්යයන් නිර්මාණය කිරීමේ හැකියාවට තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් පැසසුම්
2024-03-02 15:58:01
Share with:

තායිලන්තය, චීනය තම වැඩිමහල් සහෝදරයා ලෙස සලකන බවත්, දෙරට ජනතාව අතර ලේ ඥාතීත්වයක් පවතින බවත් තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා පවසයි. චීන රජය සහ ජනතාව සතු ආශ්චර්යයන් නිර්මාණය කිරීමේ හැකියාව තමා ඉහළින් ප්‍රශංසා කරන බවත් ඔහු කියාසිටී.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ය.

තායිලන්තය සහ චීනය අතර වෙළඳ පරිමාව විශාල අගයක් ගන්නා අතර, පසුගිය වසර කිහිපය තුළ තම රටේ විදුලි වාහන කර්මාන්ත ක්ෂේත්‍රයේ සෘජු ආයෝජන සිදුකළ ප්‍රධානම රට චීනය බව Srettha Thavisin මහතා එහිදී පැවසීය.

‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ කලාපීය ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දී ඇතැයි ද හෙතෙම කියාසිටී.

ෂී ජින් පිං ජනාධිපතිවරයා මානව සහජීවනය සාක්ෂාත් කිරීම පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති සැබෑ රාජ්‍ය නායකයෙකු බව ද  ඔහු කියාසිටියේය. ෂී ජින් පිං මහතා‍ ප්‍රථමයෙන් සලකන්නේ සාමය සහ පොදු සමෘද්ධියයි. එසේම, ඉතා මිත්‍රශීලී නායකයෙකු වන ඔහුගේ අදහස වන්නේ කුඩා රටක් වන තායිලන්තය, චීනය සමඟ එක්ව සංවර්ධනය විය යුතු බව ද Srettha Thavisin මහතා පැවසීය.

දරිද්‍රතාවය පිටුදැකීම සහ විද්‍යා හා තාක්ෂණය ඔස්සේ ආර්ථික සංවර්ධනයට උපකාරී වීම චීනයේ ආර්ථික සාර්ථකත්වය සඳහා වැදගත් සාධක වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

දරිද්‍රතාව තුරන් කිරීම, යටිතල පහසුකම් ගොඩනැගීම සහ පිරිසිදු වායුගෝලය වැනි තවත් බොහෝ ආශ්චර්යයන් චීන රජය විසින් තම ජනතාවට නිර්මාණය කර දී ඇතැයි ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම