එක්සත් ජාතීන්ගේ 6 වැනි පරිසර සම්මේලනය නිමාවෙයි
2024-03-02 15:37:18
Share with:

එක්සත් ජාතීන්ගේ 6 වැනි පරිසර සම්මේලනය නිමාවට පත්වෙයි. ඒ, ඊයේ (1) කෙන්යාවේ නයිරෝබි අගනුවර දී ය.

ඊට එක් වූ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ක නියෝජිතයන් යෝජනා 15 ක් සහ තීරණ දෙකක් සම්මත කර ගැනීම විශේෂත්වයකි. දේශගුණික විපර්යාස, ස්වාභාවික පරිසරය හා ජෛව විවිධත්වය බිඳවැටීම, දූෂණය සහ අපද්‍රව්‍ය වශයෙන් පෘථිවිය මුහුණ පා ඇති ත්‍රිත්ව අර්බුදවලට විසඳුම් සෙවීම ඇතුළු අංශ රැසක් එම යෝජනාවලින් ආවරණය කෙරේ. එසේම, අමාත්‍ය මණ්ඩල ප්‍රකාශයක් ද සම්මත කෙරිණ. දේශගුණික විපර්යාස අවම කිරීම, ස්වභාවධර්මය සහ භූමිය යථා තත්ත්වයට පත් කිරීම සහ දූෂණයෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දක්වන දැඩි උනන්දුව මෙහිදී පිළිබිඹු වී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම