ගෝලීය හරිත පරිවර්තනයේ දී චීනය ඉටුකරන භූමිකාවට ජගත් පැසසුම්
2024-03-02 18:14:17
Share with:

හරිත පරිවර්තනය සඳහා චීනය ඉටුකරන මෙහෙවරට ජාත්‍යන්තර තලයේ ඉහළ පැසසුම් හිමිවෙයි. කෙන්යාවේ නයිරෝබි අගනුවර දී ඊයේ (1) අවසන් වූ එක්සත් ජාතීන්ගේ 6 වැනි පරිසර සම්මේලනයට එක් ව සිටි විවිධ රටවල හා සංවිධානවල නියෝජිතයෝ මේ බව කියාසිටියහ.

චීනය විසින් නිපදවන ලද නව බලශක්ති වාහන භාවිතය ලොව නගර ආශ්‍රිත පරිසර පද්ධතිවල තත්ත්වය සහ මානව සෞඛ්‍යය ඉහළ නංවා ඇති අතර, එමගින් හරිත පරිවර්තනය ප්‍රවර්ධනය වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

කෙන්යාවේ විශේෂ දේශගුණ නියෝජිත අලි මොහොමඩ් මහතා එහිදී පැවසුවේ, අප්‍රිකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බහුතරයක නව බලශක්ති භාවිතය සහතික කිරීමටත්, කාබන් විමෝචනය අඩු කිරීමටත් චීනය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. එසේම, කෙන්යාවේ භාවිත කෙරෙන සියලුම විද්‍යුත් වාහනවල නිෂ්පාදකයා චීනය බව ද ඔහු කියාසිටී.

චීනයේ මෝටර්රථ නිෂ්පාදකයන්ගේ සංගමයේ දත්තවලට අනුව, චීනයේ නව බලශක්ති වාහන අපනයනය 2023 වසරේ දී  77.6 %  කින් ඉහළ ගොස් ඇත. මීට අමතරව, චීනයේ විදුලි වාහන සන්නාමයක් වන BYD, 2023 වසරේ සිව්වැනි කාර්තුවේ දී ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට පත්වීම ද කැපීපෙනේ.

චීනය සමග පවතින හවුල්කාරිත්වය නිසාම කෙන්යාවේ හරිත පරිවර්තනය මනා ඉදිරි පියවරක් තබා ඇතැයි එරට මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ආයතනයක් වන BasiGo හි කළමනාකාර අධ්‍යක්ෂ Moses Nderitu මහතා විශ්වාසය පළ කරයි.  හරිත පරිවර්තනය සඳහා චීනය ලබාදෙන දැවැන්ත ගෝලීය දායකත්වය ද ඔහුගේ පැසසුමට ලක්විය.  

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධානියෙකු වන Rob De Jong මහතා මෙහිදී පැවසුවේ, චීනය විද්‍යුත්කරණය සහ විද්‍යුත් වාහන ප්‍රවර්ධනයේ ලොව ප්‍රමුඛයා බවයි.  චීනය සිය අත්දැකීම් සහ තාක්ෂණය ලෝකය සමග බෙදා ගනු ඇතැයි ද ඔහු විශ්වාසය පළකළේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම