චීනය ප්‍රථම වරට ඔලිම්පික් උළෙලේ සර්ෆින් තරග බිමට
2024-03-02 19:08:54
Share with:

චීනය ප්‍රථම වරට ඔලිම්පික් උළෙලේ සර්ෆින් තරගයට සුදුසුකම් ලබයි.

පෝටෝ රිකෝ හි පැවති 2024 ලෝක සර්ෆින් ක්‍රීඩා උළෙලේ කාන්තා කෙටි පුවරු සර්ෆිං සඳහා සුදුසුකම් ලැබීමේ තරඟයේ හයවැනි වටයේ දී, 15 හැවිරිදි චීන ක්‍රීඩිකාවක වන Yang Siqi මනා දස්කම් දැක්වූවාය. එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ද ඇය සමත් වූවාය.

සාර්ථක ලෙස ඉදිරි තරඟ අදියරට මුහුණ දුන් ඇය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ද සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එය චීනය ඔලිම්පික් සර්ෆින් තරගයට සුදුසුකම් ලැබූ පළමුවැනි අවස්ථාව වීම විශේෂත්වයකි.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ඉසව් 32 න් 30 කට පමණ සහභාගි වීමට චීනය සුදුසුකම් ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම