බහුපාර්ශ්වික වෙළඳාම සඳහා චීනයේ දායකත්වය ජගත් ප්‍රජාවේ පැසසුමට
2024-03-02 19:49:23
Share with:

බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමවේදය සඳහා චීනයේ දායකත්වය ජගත් ප්‍රජාවේ පැසසුමට ලක්වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක වෙළඳ සංවිධානයේ අමාත්‍ය මට්ටමේ 13 වැනි සමුළුව අවසානයේ සංවිධාන කෙරුණු මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කෙරිණ.

මෙවර සමුළුවේ සභාපති හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ආචාර්ය ThanibinAhmedAl-Zeyoudi මහතා සහ ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය එහිදී ලොව බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීමට චීනය දැක්වූ දායකත්වය ඉහළින් අගය කළහ.

බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමවේදය ආරක්ෂා කිරීමට සක්‍රිය අයුරින් පෙනී සිටින චීනය, එහි න්‍යාය පත්‍රය තහවුරු කිරීමට මනා දායකත්වයක් ලබා දී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ආචාර්ය ThanibinAhmedAl-Zeyoudi මහතා සඳහන් කළේ ය.

ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය අවධාරණය කළේ බහුපාර්ශ්වික වෙළඳාම සඳහා වන සමස්ත ක්‍රියාවලිය තුළ චීනය සංවර්ධනාත්මක වගකීම් හා යුතුකම් ඉටු කර ඇති බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර දී ඉකුත් 26 වැනි දා සිට අද (02) දක්වා පැවති එම සමුළුව ‘අමාත්‍යවරුන්ගේ අබුඩාබි  ප්‍රකාශය’නිකුත් කර තිබේ. බහුපාර්ශ්වවාද ක්‍රමවේදය සහ ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණය තහවුරු කිරීම එහි සාමාජික රටවල පොදු එකඟතාවකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම