ඊශ්‍රායල හමුදා පලස්තීන සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිද්ධිය චීනය තරයේ හෙළාදකී
2024-03-01 17:23:47
Share with:

ඊශ්‍රායල හමුදා පලස්තීන සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිද්ධිය චීනය තරයේ හෙළාදකී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් නැගුණු පැනයකට පිළිතුරු වශයෙනි.

අදාළ සිද්ධියෙන් දැඩි කම්පාවට පත් චීනය එය තරයේ හෙළාදකින බව Mao Ning මහත්මිය කියාසිටියාය. ඉන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් ඇය චීනයේ ශෝකය පළ කළාය. ප්‍රහාර එල්ල කිරීම වහාම නවතා දමා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත්, මානුෂීය සහනාධාර සඳහා ප්‍රවේශය සහතික කරන ලෙසත් ඊශ්‍රායලය ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් චීනය ඉල්ලා සිටින බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම