හංගේරියානු නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-03-01 18:46:03
Share with:

හංගේරියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ Sulyok Tamas මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සුබ පැතුම් පිරිනමයි.

එම පණිවුඩය ඊයේ (29) යොමුකර තිබේ.

මෑත වසරවල දී චීනය හා හංගේරියාව අතර සබඳතා සංවර්ධනය ඉහළ මට්ටමක පවතින බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 75 වැනි සංවත්වරය මේ වසරට යෙදෙන අතර, දෙරට සබඳතා සංවර්ධනය නව හා වැදගත් අවස්ථාවන්ට මුහුණ දෙනු ඇතැයි ද එම සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

චීනය සහ හංගේරියාව අතර සබඳතා සංවර්ධනය ඉතා වැදගත් කොට සලකන තමා, Sulyok Tamas මහතා සමග එක්ව දෙරටේ දේශපාලන ‍අන්‍යෝන්‍ය විශ්වාසය හා විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා කියාසිටී. දෙරට “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ අධිගුණාත්මකභාවයෙන් සංවර්ධනය කොට චීන-හංගේරියා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් තර කිරීමට තමා සූදානම් බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම