මෙරට පළමු වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ
2024-03-01 14:32:08
Share with:

දුම්රිය මාර්ගයට යටින් දිවෙන, මෙරට පළමු වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ. ඒ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) ගල්ගමුව ප්‍රදේශයේ දී ය.

දුම්රියේ හැපී ජීවිතක්ෂයට පත්වන අලි ඇතුන් ගණන දිනෙන් දින වර්ධනය වීම ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු ව ඇති පාරිසරික සහ සංවර්ධන ගැටළුවක් බවට පත්ව ඇත. ඊට විසඳුමක් වශයෙන්, මෙරට පළමු වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් ක්‍රියාවට නංවනු ලබන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ යි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, “සුරකිමු දුම්රිය” ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමග සාකච්ඡා පවත්වා මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළ ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානය, අලි – දුම්රිය ගැ‍ටුම් වැළැක්වීම උදෙසා ඉදිරිපත් කළ යෝජනාවලියට මෙම උමං මාර්ගය ද ඇතුළත් විය. ‍

පසුගිය වසර කිහිපයේ දුම්රියේ ගැටීම නිසා වැඩිම වන අලින් සංඛ්‍යාවක් මිය ගිය සහ අලින් 150-200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ආශ්‍රිතව සැරිසරන,  ගල්ගමුව කාසිකොටේ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට යටින් මෙම වනජීවී උමං මාර්ගය ඉදිකෙරෙනු ඇත.

වන අලින් 200 කගේ පමණ ජීවිත සුරක්ෂිත කෙරෙන මෙම පියවර ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ගන්නා ලද ප්‍රශංසනීය ක්‍රියාමාර්ගයකි.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම