ඊශ්‍රායලය හා පලස්තීනය අතර කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් -චීනය
2024-03-01 10:57:09
Share with:

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55වන සමුළුවට එක් වෙමින් චීන නියෝජිත චෙන් ශියු මහතා ඊයේ (29) ඊශ්‍රායල-පලස්තීන අර්බුදය පිළිබඳ චීන ස්ථාවරය පැහැදිලි කළේ ය.

දැනට ගාසා තීරයේ පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසන සිදු වෙමින් පවතී. එහි වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම, සාමය පුනරුත්ථාපනය කිරීමේ මූලික කොන්දේසිය මෙන් ම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ සෙසු ජගත් සංවිධානවල චීන නියෝජිත චෙන් ශියු මහතා කියා සිටියේ ය.‍ ගාසා තීරයේ මානුෂීය මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත්, ජාත්‍යන්තර අධිකරණය නිකුත් කළ සටන් විරාමය පිළිබඳ නියෝග ක්‍රියාත්මක කරන ලෙසත්, ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. පලස්තීන භූමිය ආක්‍රමණය කිරීමටත් පලස්තීන ජනතාව බලහත්කාරයෙන් පිටුවහල් කිරීමටත් චීනය තරයේ විරුද්ධ වන බව ද චීන නියෝජිතවරයා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම