ගාසා තීරයේ සිදු වන බිහිසුණු මිනිස් ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් දැඩි කම්පනයට
2024-03-01 10:12:13
Share with:

ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ඊයේ(29) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ එම ගැටුම් හේතුවෙන් සිදු වන බිහිසුණු මිනිස් ඝාතන පිළිබඳ දැඩි ලෙස කම්පනයට පත්වන බවයි.

අද(01) උතුරු ගාසා තීරයේ දී ජීවිත ආධාර සොයමින් සිටි සිවිල් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ තුවාල ලැබූ බවට වාර්තා වන සිද්ධිය ද මහලේකම් António Guterres මහතා හෙළා දකියි. සතියකට වැඩි කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහන සැපයීමේ කටයුතු සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් යටත් කර ගත් උතුරු ගාසා තීරය ඇතුළු ප්‍රදේශවල සිටින අතරමං වූ සිවිල් වැසියන්‍ට හදිසි උපකාර අවශ්‍ය බව ද හෙතෙම සඳහන් කර ඇත.

ගාසා නගරය ආසන්න ප්‍රදේශයේ මානුෂීය ආධාර අපේක්ෂාවෙන් සිටි පුද්ගලයින් පිරිසකට ඊයේ(29) ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) ගාසා තීරයේ සාගතයක් ඇති වීමේ අවදානම පිළිබඳව ඊයේ (29) අනතුරු ඇඟවීමක්  ද කර ඇත. ගාසා තීරයේ දරුවන් සහ ගර්භනී කාන්තාවන් සාගින්නෙන් මිය යාමේ අවදානමක් පවතින බවත්, ප්‍රමාණවත් ජලය, සනීපාරක්ෂක සහ සෞඛ්‍ය පහසුකම් නොමැති වීම, විදුලිය සහ ඉන්ධන සැපයුම අත්හිටුවීම මෙන්ම ආහාර නිෂ්පාදන හා කෘෂිකර්මාන්තය කටයුතු අඩපණ වී ඇති බවත් එම කාර්යාලයේ නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම