චීනයේ මිනිසුන් සහිත චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම විධිමත්ව සිදු කෙරේ
2024-03-01 11:20:08
Share with:

මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම් දෙකක් මෙම වසරේ ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කර ඇත. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යෙදුම සහ සංවර්ධනය මෙන්ම මිනිසුන් සහිත චන්ද්‍ර ගවේෂණය එම ප්‍රධාන මෙහෙයුම් ද්විත්වයයි.

මෙම වසර තුළ, මිනිසුන් සහිත ගුවන් මෙහෙයුම් 2 ක් සහ අභ්‍යවකාශ යානා සැපයුම් මෙහෙයුම් 2 ක් සැලසුම් කර තිබේ. මිනිසුන් සහිත ගුවන් මෙහෙයුම් 2 ක් සඳහා ගගනගාමී කාර්ය මණ්ඩලය තෝරා ගෙන ඇති අතර, ඔවුහූ අදාළ පුහුණවීම්හි නිරතව සිටිති. මේ වන විට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින Shenzhou 17 ගඟනගාමී කාර්ය මණ්ඩලය යහපත් කායික හා මානසික තත්ත්වයකින් පසුවන අතර, ඔවුන් එළඹෙන අප්‍රේල් මස අවසානයේ දී පෘථිවියට නැවත පැමිණීමට සැලසුම් කෙරේ.

එසේම 2030 වසරට පෙර චන්ද්‍රයා මතට පළමු චීන ජාතිකයින් ගොඩබෑම සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කය සඳහා, ව්‍යාපෘතියේ චන්ද්‍ර ගොඩබෑමේ අදියර පිළිබඳ විවිධ පර්යේෂණ, නිෂ්පාදන හා ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරෙමින් පවතී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම