7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් මාසයේ Shanghai නගරයේ දී
2024-03-01 15:55:41
Share with:

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන නොවැම්බර් මාසයේ Shanghai නගරයේ දී පැවැත්වෙයි.

නොවැම්බර් 5-10 වැනි දා දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත ය. ජාතික ප්‍රදර්ශන, ව්‍යවසාය ප්‍රදර්ශනය, Hongqiao සාකච්ඡා මණ්ඩපය, සමගාමී ක්‍රියාකාරකම් හා මානව හුවමාරු වැඩසටහන් සමස්ත ඉසව්ව යටතේ සංවිධාන කෙරෙනු ඇත.

‍7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට අදාළ පෙර සූදානම් කටයුතු මේ වනවිට විධිමත් ව ක්‍රියාවට නංවා ඇත. Shanghai නගරයේ ඊයේ (29) පැවති එම ප්‍රදර්ශනය හා සම්බන්ධ වැඩමුළුවේ දී මේ බව ප්‍රකාශ කෙරිණ.

මෙවර ව්‍යවසාය ප්‍රදර්ශනය පැවැත්වෙන භූමියේ වපසරිය වර්ග කිලෝමීටර් 2 ලක්ෂ 40 දහසකට අධික ය. ලොව ප්‍රමුඛ ස්ථාන 500 යේ රැඳීසිටින ව්‍යවසායන් හා විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන ව්‍යවසායන් 200 ක් පමණ මේ සඳහා සහභාගිත්වය සනාථ කර තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම